දෙවෙනි ඉනිම වෙනසකට වඩා විනාශයකි

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…
ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…

ජිවිතේ හැමදෙයක්ම එකම තැන තියෙන්නේ නෑ තමයි හැම දෙයක්ම වෙනස් වෙනවා… අපි ඉස්කොලේ ගිය කාලේ වගේ නෙවෙයි ඒවත් හුඟක් වෙනස් වෙලා… හැබැයි මේ ටි වී වල පෙන්නන තරම් නම් ඉඉස්කෝලේ සිස්ටම් එක වෙනස් වෙලා නෑ තමයි… ඒත් ඒවා විකෘති කරලා ටි වී වල පෙන්නන එකත් ඒ වගේ නාට්‍යය හදන එකත් දරාගන්න හරි අමාරුයි…

මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?

අපි ඉස්සර වගේම අපේ අම්මලත් තවම ආසාවෙන් බලන අඹ යාළුවෝ නාට්‍යය මට මතක් වෙනවා… ඒ එදා වුණත් ඒ නාට්‍යයේ තිබ්බ සමාජමය වටිනාකම, හරය සහ විනිවිදභාවය අද ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන රඟපාන කෙල්ලන්ගේ කොල්ලන්ගේ තියෙනවද…? මොනවා වුණත් සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න… ඉස්කෝලේ ගුරුවරුන්ව, ප්‍රින්සිපල්ව බයිට් එකට ගන්න… කොල්ලෝ කෙල්ලෝ බෙදාගන්න බැරිව දෙපැත්තකට වෙලා ඉන්න… ඇනුම් පද කියාගන්න… ඒ අතරේ ඉඩක් ලැබුණොත් මොනවා හරි ඉගෙන ගන්න… සුදු ගවුමකට පාසල් නිළ ඇඳුමකට ගෞරවයක් එකතු කරගත යුත්තේ තමන් විසින්මයි… ඒත් අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…

අපි ඉස්සර කිව්වේ ළමා ගීත… මල් පිපිලා දෙනෙත් හැරෙන විට සුවඳ හමපු ළමා කාලය දෙවෙනි ඉනිමෙන් අද ළමයින්ගේ ළමා කාලය ගඳ ගස්සලා ඔලුව මනස්ගාත වලින් පුරවන්න අද ඉස්සරහින්ම අංක එකේ ටෙලි නාට්‍යය බවට පත් වෙලා තියෙනවා…

පරණ වුණත් අපි අදටත් ආසාවෙන් බලන්නේ අඹ යාලුවෝ… ඒත් ඉස්කෝලේ සිලබස් මාරු වුණාට ඉස්කෝලේ යන ළමයා ළමයම තමයි කියලා ඔය හැමෝම මතක තියාගන්නවා තමා හොඳ… අපිට ටි වී වල යන නාට්‍යය වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒවා නොබල ඉන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න… සුනිල් ලා නිමල්ලා වගේ සමල්කලා, දෙව්මිලා, අනුහස්ලට කවදාවත් හිතේ කොනකවත් ඉන්න බෑ ආන්නේකයි…


  • මොණරි

දෙවෙනි ඉනිමේ කණ්ඩායම ඇතුළු ප්‍රේක්ෂකයන්ට මඩ සහ විවේචන අතර වෙනස හඳුනා ගන්නට නොහැකි වීම පිලිබඳ ප්‍රශ්නයට අපෙන් පිළිතුරක්


යාවත්කාලීන කිරීම (Update)

facebook සමාජ ජාලය හරහා ලැබුණු අදහස් කිහිපයක්

දෙවෙනි ඉනිම

දෙවෙනි ඉනිම

2017-07-14_14-26-15


යාවත්කාලීන කිරීම (Update) (ප.ව. 2:51)

මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාරවල සඳහන් වුනු තවත් කරුණක් තමයි ඉන්දියානු නාට්‍ය මේ නාට්‍යට වඩා හොඳද සහ ඒවා සදාචාරාත්මකද කියන දෙය. තම්බපන්ණියේ අපි කණ්ඩායම කොයි මොහොතකවත් ඉන්දියානු නාට්‍ය හොඳ යැයි පවසා නැති බව මෙම ලිපිය සහ අපගේ අනිත් ලිපි කියවූ කෙනෙකුට හොඳින් වැටහේවි. ඒ මන්දයත් ඉන්දියානු නාට්‍ය හඬකවා සහ ඉන්දියානු චිත්‍රපට සිංහලෙන් ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව අප මීට පෙර විරුද්ධ වී ඇත්තෙමු.

අනෙක් කරුණ නම් දෙවැනි ඉනිම නාට්‍ය විකාශය කරන TV දෙරණ නාලිකාවෙන්ද ඉන්දියානු නාට්‍යයක් වන Meri Aashiqui Tum Se Hi නාට්‍යය සිංහලෙන් හඬ කවා “සදහටම ඔබ මගේ” නමින් විකාශය කරති. facebook හරහා අදහස් දක්වන දෙවෙනි ඉනිමේ ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාව ඉන්දියන් නාට්‍ය වලට විරුද්ධ නම්, ඔවුන්ට සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය ගැන කැක්කුමක් ඇත්නම් ඉන්දියන් එක් නාට්‍යයක් වත් විකාශය කරන්නේ ඇයි යන ගැටලුව අපට මතුවෙයි.

මේ ලිපිය කියවන සියලු දෙනා වටහා ගත යුතු කරුණ මෙයයි. මේ සියල්ලම මාකටින් සහ බිස්නස් පමණි. නමුත් දෙවැනි ඉනිම ඒ සත්‍යය වසා ප්‍රේක්ෂකයන්ට විවිධ අයුරින් සමීප වී ඇත. නමුත් මෙය වෙනසකට වඩා විනාශයක් යන වග සියල්ලන්ටම නොතේරෙන කරුණකි.

ප්‍රේක්ෂකයන් පවසන පරිදි, ඉන්දියානු නිර්මාණ දැන් වසංගතයකි, එමෙන්ම ලාංකීය ටෙලි නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ඒවා හානියකි. එය සැබෑවක්මය….

එම නිසා අපි අභියෝගයක් කරන්නෙමු, ප්‍රේක්ෂකයන් පවසන පරිදි දෙරණ නාලිකාවේ අරමුණ ශ්‍රී ලාංකීය නිර්මාණ කරුවන්ට අවස්ථාව දීම නම්, ඕනෑම දෙයක් විකුණා ලාභ ලබා ගැනීම නොවේ නම්, අපගේ අභියෝගය දෙරණ නාලිකාවේ විකාශය වන ඉන්දියානු සහ සියලුම විදෙස් නිර්මාණ නවතා ගුණාත්මක සිංහල (ශ්‍රී ලාංකීය) ටෙලි නාට්‍ය සහ නිර්මාණ වෙනුවෙන් අවස්තාව ලබා දෙන ලෙසයි….

සැලකිය යුතුයි

මෙය දෙරණ නාලිකාවට පමණක් එල්ලවන අභියෝගයක් නොවන අතර අනෙක් නාලිකාවලට මෙය මෙලෙසින්ම අදාළ වේ. මෙම ලිපියට අනුව දෙරණ නාලිකාව ගැන පමණක් නාමිකව සඳහන් කර ඇත්තෙමු.

  • තම්බපන්ණියේ අපි කණ්ඩායම

යාවත්කාලීන කිරීම (Update) (ප.ව. 7:17)

මෙම ලිපිය සම්බන්දව iranga.net අඩවියෙහි සඳහන් කර ඇති ලිපිය. අපගේ මතයට වඩා වෙනස් මතයක් දරන නමුත් අප එම අදහසට ගරු කරන්නෙමු. මන්ද අපට අවශ්‍ය කිසිවෙකුට මඩ ගැසීමක් නොවන අතර, නිවැරදි දෙය සමාජ ගත කිරීම පමණි. එම ලිපිය පහත link එකෙන්.

http://iranga.net/?p=1047

19 Comments Add yours

  1. Saman Edirimunee says:

    Liked by 1 person

    1. මහත්මයා, ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කල හැකියි. එය ඒ අය දකින කෝණය අනුවයි. මෙය අපහාසයක් හෝ මඩ ගැසීමක් නොවේ. මෙහ සත්‍යතාවයක් තියෙනවා. එම නිසයි මෙය අපි පලකලේ. අන් මත ඉවසන්න. එය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. මේ විදියට හරි යම් මතයක් ඉදිරිපත් වන්නේ එහි මේ දේවල් ඇති නිසා මිස නිකම්ම නොවෙයි. අපිට පුළුවන් මේ කමෙන්ට් එක පල නොකර ඉන්න. නමුත් අපි මෙය පල කරන්නේ අපිට ඔබගේ මතය ඉවසීමට හැකි නිසයි.

      Like

    2. අපට අවශ්‍ය වුයේ ඔබට මඩ ගැසීමට නොවෙයි. ඔබ සමඟ අපට පුද්ගලික ගැටළු නැහැ. නමුත් යම් අකටයුත්තක් වෙනවා නම් ඒ පිලිබඳ අපි කතා කරනවා.

      ඔබට ඔබේ නිර්මාණය ඉතා හොඳ ඇති, බොහෝ ප්‍රේක්ෂකයින්ටත් එය එසේ වන්නට ඇති. ඒ නිසානේ ජනප්‍රියම නාට්‍යය බවටත් පත් වුනේ. නමුත් එලෙසයි කියා විවේචනය කල නොහැකිද? විවේචනය කලවිට ඔබ අපහාස කර ඇති අයුරින් අපහාස කිරීම යෝගයද? මෙම ලිපියේ පි කිසිවෙකුට අපහාස කර නොමැති අතර, අප පෙන්වා දී ඇත්තේ යම් යම් කරුණු කාරනා කිහිපයක් පිළිබඳව පමණි.

      Like

  2. lahiru says:

    ඇත්ත මේ කථාව මේ කථාවේ පාසල් ජවනිකා ගැන නම් අප තුලත් යම් දුකක් ඇත මන්ද පාසල් ජිවිතය යනු ඉතාමත් රසවත් සරල දෙයක් වුවද මෙහි ඇති ජවනිකාවල පාසල් ලමයාගේ සරලකමට වඩා මුහුකුරා ගිය දේවල් උළුප්පලා පෙන්විමෙන් සිදු වන්නේ ඉතාමත් ලොකු හානියකි එය සමස්ත පාසල් අධ්‍යපනය හදාරන සිසුවියන් සිසුවන් ගේ පුංචි ලස්සන හීන හැමදෙයක්ම හානිකරන දේවල් නම් ඉදිරියට සැබැවින් අපේ සමාජයෙන් දැක ගත හැකිය… මෙම නාට්‍ය විවේචනය කරනවා නෙමෙයි එත් මෙහි පාසල් ලමයි ගැන පෙන්වන ජවනිකා සැහෙන්න මුහුකුරා ගිය දර්ශන බැවින් ඉදිරියේදි මෙය සැබැ ලමයිනගේ මනස විකෘති යනවා නිසකය……

    Like

  3. KMX says:

    මහලොකුවට මේ වගේ මන්දබුද්දික පොස්ට් දන්නා කලින් තොපේ blog එකට domain එකක් අරන් හිටපන් හුත්තෝ….

    Liked by 2 people

    1. අපිට අවශ්‍ය බ්ලොග් එකක්…. ඩොමේන් එකක් ගැනීම නොගැනීම අපගේ වැඩක්. ඇයි ඔබතුමා එය ප්‍රශ්නයක් කරගන්නේ. අනෙක් කරුණ නම් අපේ අදහස් ප්‍රකාශ කිරීමට බ්ලොග් එකක්ද වෙබ් එකක්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා ඔබ තුමා එය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.

      එමෙන්ම ඔබගේ වචන භාවිතයෙන් පෙනෙනවා සමාජ ජාලයකවත් හැසිරීමට පවා විනයක් නොමැති බව. මේක මන්දබුද්ධික පොස්ට් එකක් යයි ඔබ කියන්නේ කුමන නිර්නායකයකට අනුවදැයි අපි නොදන්නෙමු.

      කුණුහරප නම් හැමෝම දන්න දෙයක්. නමුත් ඒවා උලුප්පාගෙන පොර වන්නට යෑමෙන් පෙනෙන්නේම ඔබගේ නිරුවතයි. අප සංයමයකින් විවේචනය සිදුකර ඇත. එහි අඩුපාඩු වැරදි ඇත්නම් සංයමයකින් එය විවේචනය කරන්න.

      ස්තුතියි

      Like

  4. lahiru says:

    මා මෙම නාට්‍ය විවේචනය කරනවා නෙමෙයි මෙහි පලකර ඇති අදහස ඉතාමත් වටිනා දෙයක් බැවින් එහි අදහස් පලකරා පමනි මෙහි ඇති වචනවල ගොඩක් වටිනා සත්‍යතාවයක් ගැබ්වි ඇත පාසල් ලමයින්ගේ මනස විකෘතිවි යාම වැඩි ඇතක නොවන්නේය එය ඉදිරියෙදි අප සැමට බලාගත හැක… ඔබ වැනි කෙනෙක් මෙවැනි සත්‍ය අදහස් පලකිරිම ගැන මා හදවතින්ම සුබ පතනවා මන්ද යම් සැගවුනු දෙයක් ඔබට වාගේම මහටද පෙනුනද ඔබ වැනි ආකාරයට විචාරය කිරිමේ හැකියාවක් නොමැති බැවින් මාද නිහඩ විය… නමුත් අද ඔබ විසින් විචාරය කිරිම ඉතාමත් මනරම්ය එය ඔබට චෝදනා කරයි තවත් අය විවේචනය කරයි ඔබට නමුත් ඔබගේ අදහසේ වටිනාකම එම චෝදනා කරන අයට ඉදිරියෙදි දැක ගත හැක

    Like

  5. Sewwandi says:

    Lassana katawak. Mannam hithanne me katawe kisima naraka deyak na. Onema kellek aurudu 14n 15n adare karanna patangannawa apith e athdakima vinda sundarai e athdakima vidinna one. Godak e dewal walata tahanchi.danmama kello kollo adu wayasin panala yanne. Mehema adara kata mehema jivitha.sabaa jivitae. Tiyenawa ay boru sanscrutiyak adala aran hamadema yata gahanne Dan me katawa balana kello narak wena wada

    Like

    1. සංස්කෘතියක් ගැන අපි කතා කලේ නැහැ. ඔබ කැමතිද ඔබේ දරුවත් මේ නාට්‍යයේ පෙන්වන විදියට හැසිරෙනවා නම්? අපි මේ කතා කලේ විනය ගැන.

      Like

  6. Dihan Soysa says:

    Devani inima is a copy of famous english drama series called One Tree Hill… which was air in early 2000

    Like

  7. අනු says:

    හැමොම කරන්නේ තමන්ගේ වාසිය උදේසා නමුත් ඔබ තුම එක කාතාවක් විවේචනය කරන එක වැරදි..

    Like

  8. prabhath says:

    asammatha pemak sammatha kara penwana sammatha pema wihiluwakata lak karana eka sambandayak thiyena kellek thawa ekekta hotu peragena adaraya karana adara kathawaki. Thawada mehi ena anuhas kollek inna kellekta pem karana adama sewala charithayaki. Eya athisayenma higana wedaki. Siduwiya yuththe adupadu ethnam sambandaya nawatha demimai. E hera duka kimata wena ekeku samaga sambanda weema ho adarayen welima nowe. Eya sammathayata pataheniya. Indiyanu kathawalada sulaba dasunaki eya. Meya peni dawata minisun atharata ewana thawath ek asuchi godaki.

    Like

  9. prabhath says:

    post super mcn…

    Like

  10. sampa says:

    ම්ාMath obee adahasata ekagayi katha 2k naa ema natya sundara kathaawath,eth kothekuth sundara kathaa apa deka thibenawa kudaa lamunge manasa wikurthi karana ,meya wayasa 18n ihala ayata ithaamath hoda wunath kuda lamunge mansa wikurthi weeme getaluwak ethi bawa therum genimayi awasha,

    Like

  11. තරිඳු ප්‍රගීත් says:

    ඉතාම වැදගත් මෙන්ම සත්‍ය කරුණක් එලිදැක්වූ ලිපියකි.ඉන්දියානු නාට්‍යයද මෙවැනිම විනාශයක් සමාජයට සිදු කරයි.ලංකාවේ තිබෙන පවුල් ගැටලු,සියදිවි නසාගැනීම් වලට වැඩිහරියක් මුල මෙවැනි කාලකණ්ණි නාට්‍ය මාලාවන්ය.ොබොහොමයක් දෙනාට නොතේරුණත් ඇත්ත එයයි.
    ලිපි⁣යේ අවසානයේ සඳහන් ලෙස අපිට මෙම පහත් නාට්‍යය නොබලා සිටිය හැකිය,නමුත් මා අත්දැකීමෙන් දන්නා කරුණක් නම් ලංකාවේ කාන්තා පාර්ශ්වය මෙම නාට්‍යය වලට ඇබ්බැහි වී ඇති බවය.කණගාටුවට කරුණ එයයි…

    Like

  12. Chathura says:

    ශාන්ති, මහගෙදර, ප්‍රවීණා කතා ඔය කියන විනාශය කරලා ඉවරයි! ජයලත් මනෝරත්නලා, සුමින්ද සිරිසේනලා ටෙලි නාට්‍ය වලින් විසි වෙලා යද්දි ටෙලි නාට්‍ය කලාවේ ගුණාත්මක බවත් විසි වුණා! ඉඳලා හිටලා හරි ඒක ආපහු ආවේ බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ වගේ නළුවො කිහිප දෙනෙකු හරහා පමණයි. මේ කතාව නම් මම බලලම නැහැ. ඒත් ඕකෙන් කියලා සිදුවෙන්න තරම් විනාශයක් ඉතිරි වෙලා තියෙනවාද කියලා සැකයි! 😛

    Like

  13. Sameera says:

    Aniwaryenma me tele nattiye vitharak nemei godak channel wala penwana godak tele wala samajayata ganna deyak na.. thiyenne vinashayak vitharai.
    Wela thiyenne channel walata laba upayanna bahubutha pennanawa,
    Rajayata gewana badu nisa e wagakiwa uthu nila darinuth ona deyak pennapalla kiyala innawa.

    Like

  14. Css says:

    Oya Mona Kathawath ohoma thamai. Naraka theyak nopennapu sambhawya kathawak kiyanna balanne. Awasanaye waradi walata danduwam humbu wenawanam api hondai kiyannawa.

    Like

  15. Rajapakse says:

    Entertainment bro, don’t take seriously. Everyone got brain to think what good or bad.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s